රට නැති බංගස්ථාන කරලා දැන් හාල්, පොල් ගැන අහනවා.. – මන්ත්‍රී දිනේෂ් හේමන්ත

ජාතික ජන බලවේගය පත්වී මාසයක් තුළ හාල්වල මිල මෙලෙස ඉහළ ගොස් තිබෙන්නේ මන්දැයි අවුරුදු 76 ක් ආණ්ඩු කෙරූ පක්ෂ ප්‍රශ්න කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා පවසයි.

ඒ අනුව හාල්වලින්, පොල්වලින් ගබඩා පුරවා භාරදුන් ආණ්ඩුවක් ජාතික ජන බලවේගය ලබාගත්තේ නම් ඔවුන් කරන චෝදනා පිළිගන්නා බව ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රට නැති බංගස්ථාන කර ආණ්ඩුවක් භාරදී මාස එකහමාරකින් හාල්වලට, පොල්වලට සිදුවූයේ කුමක්දැයි ඔවුන් අසන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *