රනිල් සහ දිනේෂ්ගෙන් CIDය ප්‍රශ්න කරයි…

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව පසුගිය ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරු 14 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉතිරිව සිටින්නේ තවත් සිවුදෙනකුගෙන් පමණක් බවත්, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අය ඒ අතර සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු සඳහන් කරයි.

ඉදිරි සතිය ඇතුළත මේ අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *