තම සේවිකාව වහල් සේවයේ යෙදවූ ජිනීවාහි ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලිට වැඩ වරදී…

ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලකට එරට ෆෙඩරල් අධිකරණය ඩොලර් 117,028.80ක දඩයක් නියම කර තිබේ.

ඒ, ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්නට අයුතු ලෙස සැළකීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනි.

ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියංකා ධනරත්න, 2016 සිට 2018 දක්වා අරුණතිලකගේ කැන්බරා නිවසේ දිනකට පැය 14කට වැඩි කාලයක් සතියේ දින හතක් වශයෙන් සේවය කර ඇති අතර, එතරම් කාලයක් සේවය කළ ද නීත්‍යනුකූල අවම වැටුපට වඩා බෙහෙවින් අඩු මුදලක් වන ඩොලර් 11,212.70ක් මුළු සේවා කාලය තුළ දනරත්නට ගෙවා ඇති බව හෙළිවී තිබේ.

අරුණතිලක 2009 සාධාරණ වැඩ පනතේ වැටුප් පත්‍රිකා ලබා නොදීම, අඩු වැටුප් ගෙවීම සහ දනරත්නට වැඩිපුර පැය ගණනක් වැඩ කිරීමට බල කිරීම ඇතුළු බහුවිධ විධිවිධාන උල්ලංඝනය කළ බවට අධිකරණය මීට පෙර තීන්දු කර තිබිණි.

අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත දඩ මුදල ගෙවන ලෙසයි.

මෙම දඬුවම පැනවෙන්නේ නොගෙවූ වැටුප් සහ හිමිකම් සඳහා පෙර තීන්දුවේ දී ප්‍රියංකා දනරත්නට ප්‍රදානය කරන ලද ඩොලර් 374,151.90ක විශාල වන්දි ගෙවීමට පසුවය.

හිමාලි අරුණතිලක දැනට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *