තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අංක LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුව එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ගල්කිස්ස පොලීසියට නියෝග කර තිබේ.සැකකරු වලව්වත්ත, ශ්‍රී ධර්මාරාම පාර රත්මලාන ලිපිනයේ පදිංචිව සිට ඇත.අංක 43, කොටඹගහවතුගොඩ, සීනිමෝදර නැගෙනහිර, තංගල්ල ලිපිනය සහිත නිවසේ පුද්ගල මළසිරුරු දෙකක් හමු වු නිවස ආසන්නයේ තිබී මද්‍රව්‍ය සඟවා තිබූ මෙම ලොරි රථය පොලීසිය විසින් ඊයේ (22) සොයාගනු ලැබීය.ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලාධාරීන් විසින් එම ලොරි රථයේ හිමිකරු වන මෙම පුද්ගලයාව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් සමග අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානය වෙත ඉදිපත් කර තිබුණි.පසුව අද (23) සැකකරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම නියෝගය ලබා දී ඇත.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න