ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග.!

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ‍්‍රාමික) මහතා පවසන්නේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉවත්ව ගොස් සිටිනා සියළුම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්කර ඇති බවයි.

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ වාර්තා වූ මිනී මැරුම් හා විවිධ අපරාධ කිහිපයක් ම ප්‍රධාන සැකකරුවන් ලෙස හිටපු හා තවමත් සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන් හෝ හමුදාවෙන් පලා ගිය පුද්ගලයින් රැසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලදි.

ඊට අමතර ව පාතාල කණ්ඩායම්වල වෙඩික්කරුවන් ලෙස කටයුතු කළ හිටපු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් ද සිදුවීම් රැසක් වාර්තා විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *