ජනපති අනුර රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනින් දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාමේ අරමුණින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඊයේ (26) දින ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කෙරුනු මෙම අති විශේෂ ගැසට්‌ නිවේදනය ප්‍රකාරව අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් වේ.

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *