පාස්කු ප්‍රහාරය තවදුරටත් දේශපාලන බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නෑ.!

පාස්කු ප්‍රහාරය තවදුරටත් දේශපාලන සංවිධාන වල බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමිනි.

“මේ පාස්කු ප්‍රහාරයේ සිදු වුනේ අනුර දිසානායකගේ වරදින්ද කියා විපක්ෂයේ උදවිය කතා කරන විදිය දකිනකොට දැන් හිතෙනවා.මේක උනේ අපේ අතින්ද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් දැන් නියෙනවා.මේක වෙනකොට කැබිනට් ඇමතිලා වී සිටි උදවිය දැන් එහා පැත්තෙ ඉන්නවා.

විපක්ෂ නායකතුමා දෙන උපදෙස් ඒ කළේ සිදු නොකළේ ඇයි? කොහොම වුනත් අපි හරියට පරීක්ෂණ කරනවා. අභිචෝදක කාර්යාලයක් පිහිටු වීම සඳහා මේ වන විට කැබිනට් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් කර තිබුණා. යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *