අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සොෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට අදාළ කොන්දේසි සඳහා ඊශ්‍රායලය එකඟ වූ බවයි.
එම කාලය තුළ පලස්තීනයේ පවතින ඊශ්‍රායල – හමාස් යුද්ධය අවසන් කිරීමට තමන් උත්සාහ කරන බවත් හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසිවලට එකඟ නොවුනහොත් තත්ත්වය දරුණු අතට හැරෙනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.
ගාසා තීරයේ අර්බුදය වර්ධනය වෙමින් පවතින පසුබිමක ඊශ්‍රායල නිලධාරීන් සමග වොෂින්ටනයේ සටන් විරාම සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න