කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයෙකුට දුන් නියෝගය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතාගේ නම අවභාවිතා කරමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද (12) කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය.

මොහු සනත් අබේසේකර මහතා ලෙස ව්‍යජ Facebook ගිණුමක් නිර්මාණය කර ඒ හරහා චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලබාදෙන බව පවසමින් විත්‍රපට නිළියන්ට කතා කර මුදල් සහ ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් සනත් අබේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *