මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කෙරේ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.

මන්දාරම් නුවරට මෑත කාලයේ සතියේ දිනවල සහ සතිඅන්ත දිනවල විශාල දේශීය සංචාරකයින් පිරිසක් පැමිණෙන අතර, ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස මේ වනවිට සෆාරි ජීප් රථ 20ක් පමණ සේවයට යොදවා තිබේ.

ඒ අනුව එම ජීප් රථ අදාළ නිෂ්පාදන සමාගම්වල දේශීය නියෝජිතයින් ගෙන්වා ඒවායේ තත්ත්වය සෑම මාස 3කට වරක් පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ඒවා පදවන රියදුරන්ගේ කාර්යක්ෂමතාව සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ දැනුම යාවත්කාලීන කිරීමටත් පියවර ගෙන තිබේ.

මෙහි පළමු වැඩසටහන පසුගියදා හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාවට නංවනු ලැබීය.

ඒ අනුව දැඩි කඳු සහ පල්ලම් සහිත මාර්ගවල ධාවනය කරන සෆාරී ජීප් රථ නිසි ධාවන තත්ත්වයේ පවතිනවාද, ඒවායේ අලුත්වැඩියා කළ යුතු කොටස් මොනවාද යන්න පිළිබඳව මෙහිදී දැනුම්වත් කිරීම සිදු කෙරිණි.

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව, මන්දාරම් නුවර පොලිසියේ රථවාන අංශයේ සහ මන්දාරම් නුවර සෆාරී ජීප් රථ ධාකයින්ගේ කවය මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *