2020 වසරේ පැවති ශ්රී ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්රිකට් ක්රීඩකයෙකු වන සචිත්ර සේනානායක හට හම්බන්තොට මහාධිකරණයේදී අද (25) අධිචෝදනා භාර දී තිබේ.මෙම චෝදනා යටතේ සචිත්ර සේනානායක හට නීතිපතිවරයා විසින් පසුගිය ජුනි 5 වනදා අධිචෝදනා ගොනුකර තිබුණි.ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා ඉදිරියේදී අද (25) සචිත්ර සේනානායකට හට අධිචෝදනා භාරදීම සිදුකරනු ලැබූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. සචිත්ර සේනානායක වෙනුවෙන් පිනීසිටි අජිත් පතිරණ මහතා ප්රමුඛ නීතිඥ කණ්ඩායම විසින් අධිකරණය මහින් ඉල්ලා සිටියේ සචිත්ර සේනානායක විදේශ රටක ක්රීඩා කරමින් සිටින බවත් විදෙස් රටක රැකියාවක නිරතව සිටින බවත් පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙසය.පසුව එය සලකාබලමින් නොවැම්බර් 27 තෙක් තාවකාලිකව ඔහුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කළ බව අප වාර්තාකරු පැවසීය.එමෙන්ම අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සචිත්ර සේනානායක මුදා හැරීමටත් නැවත මෙම නඩුව 2025 නොවැම්බර් 27ට කැඳවීමට නියෝග කරන ලදී.මීට පෙර 2025 ජුලි 09 දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සචිත්ර සේනානායක එම නඩුවට පෙනී නොසිටි අතර එහිදී අද (25) දින අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය මගින් එදින නියම කර තිබේ.මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකිලා දල්පදාතු මහතා පෙනිසිටි බව අප වාර්තාකරු පැවසීය.ක්රීඩා දූෂණ වැළක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්රීඩකයෙකුට තරග පාවා දීමක් යටතේ නඩු ගොනුකළ පළමු අවස්ථාව මෙයයි.එමෙන්ම තරග පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්රතිචාරයක් ලබාදෙන්න