තැපැල් වර්ජකයන් සේවයෙන් දොට්ට? තැපැල්පතිගෙන් ප‍්‍රකාශයක්..

තවදුරටත් වැඩ වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන් සම්බන්ධයෙන් පියවරක් ගැනීමට සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව කියා සිටී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද දැනුවත් කර එකී පියවර ගන්නා බවද තැපැල්පති රුවන් සරත් කුමාර මහතා සඳහන් කරයි.

තැපැල් සේවකයන් තුන්වන දිනට ද වැඩ වර්ජනයේ නිරත වන්නේ සියලු සේවක නිවාඩු සියල්ල අවලංගු කර ඇති පසුබිමකයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ රජය තැපැල් සේවකයන්ගේ දිය හැකි සියලු ඉල්ලීම් ලබා දී ඇති බවත් වෙන කිසිදු ඉල්ලීමක් ලබා දිය නොහැකි බවත්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *