අද දින මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුව සඳහා පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා දෙහිවල ආසන සම සංවිධායක අමිල කුරේ මහතා සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී, අවිස්සාවේල්ල ආසන සංවිධායක නාලක බණ්ඩාර මහතා කොලොන්නාව ආසන සංවිධායක අජිත් කුමාර මහතා හා කොලොන්නාව ආසන ක්‍රියාකාරි එස්.ඒ ජයසිංහ මහතා සහභාගි විය.
එහිදි පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කඩිනමින් පැලවත්තෙන් ආරම්භ කල යුතු බවය.
“අපි දැක්කා ඊයේ මේ රටේ 6 වන විධායක ජනාධිපතිවරයා වෙච්ච මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බරපතල හෙළිදරව්වක් කරා. එතුමා කිව්වා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු එතුමත් දන්නවා මේ රටේ බුද්ධි අංශත් දන්නවා මේ රටේ ආරක්ෂක අංශත් දන්නවා හැබැයි කිසි කෙනෙක්ට ඔහුව අත්අඩංගුවට ගන්න කිසිම දෙයක් කරන්න බෑ කියලා. මුළු රටම බලන් ඉන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද? මේ පාස්කු ප්‍රහාරය සැලසුම් කලේ කොහොමද කියලා.
විශේෂයෙන්ම මේ මාලිමා ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු හෙළිකරනවා කියන පොරොන්දුව ජනතාවට ලබා දෙමින්. මේ ආණ්ඩුව දුන්න පොරොන්දු 1329 ප්‍රධානතම පොරොන්දුව තමයි පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු රටට හෙළිකරන බව ප්‍රකාශ කිරීම.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දන්නවා නම් අපි ගරු ජනාධිපතිතුමාට කියනවා වැඩේ පහසුයි මෛත්‍රිපාල ජනාධිපතිතුමත් එක්ක යන්න කාදිනල් හිමිපාණන් ළඟට, ගිහිල්ලා මේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා දැනන්න. පාස්කු විගඩම නතර කරන්න කාලෙ හරි කියලා අපි ජනාධිපතිතුමන්ට කියන්න කැමති.
ඒවගේම නලින්ද ජයතිස්ස ඇමතිවරයාට කියනවා , ඊයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කතාවෙන් අපිට කිසියම් රටක් ගැන ඉඟියක් ලැබුණා . එතකොට මේ කාරණය ගැනම මීට පෙර නලින්ද ජයතිස්ස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා ඔව් මේ පාස්කු ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධයි කියලා. පෙරේදා පැවැති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නලින්ද ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශකතුමා, කැබිනට් අමාත්‍යවරයා කියනවා එතුමා එහෙම දෙයක් කිව්වේ නෑ කියලා. දැන් අද මාලිමා ආණ්ඩුවේ ඇමතිවරුන්ට අමතක වීමේ රෝගය වැලදිලා තියෙනවා. ඒ නිසා නලින්ද ජයතිස්ස මහත්තයෝ කරුණාකරලා මේක තවදුරටත් කොලේ වහල ගහන්න හදන්නැතුව පාස්කු ප්‍රහාරයේ මේ ඇතිවෙච්ච තුවාලය මේ සැරව ඕජස් ගලන තුවාලේ තව තවත් කොනිත්ත කොනිත්ත ඉන්නේ නැතුව මේ සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න.
ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පහසුකරලා තියෙනවා. TMVP පක්ෂ නායක පිල්ලෙයාන් මන්ත්‍රීතුමාව දැන් අත්අඩංගුවට අරගෙන දීර්ඝ කාලයක් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට දීර්ඝ කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරනවා. එහෙම මිනිස්සුන්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න ඕන නෑ. මෛත්‍රීපාල ජනාධිපතිතුමන් පවසන පරිදි ඔහු දන්නවානම් බුද්ධි අංශ දන්නවනම් මේ නිකන් නිර පරාදේ මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන රඳවාගෙන ප්‍රශ්න කර කර කාලය වැය කරන් නැතුව කරුණාකරලා මේ පාස්කු කතන්දර ඉවර කරන්න කියලා.
ඒවගේම රජයේ නියෝජ්‍ය අමත්‍යවරයෙක් වෙච්ච මහාචාර්ය බංකු බංකුට විරුද්ධව විශ්වාස භංගය ගන්නවද නැද්ද කියන තීන්දුව අද තමයි කතානායකවරයා ලබාදෙන්නේ. දැන් කතානායකවරයා කියන විදියට විශ්වාස බන්ගය නියෝජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරයෙක් සම්බන්ධව ගේන්න බැරිනමි විවාද කරන්න බැරිනම් ඔහුට වගකීම් පැවරීමත් නීති විරෝධී කටයුත්තක්.
මොකද නියෝජ්‍ය ඇමතිවරයෙක්ට කිසියම් විෂය පථයන් දීලා ආයතන ටික වගකීම් දීලා ඔහුට කාර්ය මණ්ඩල දීලා වැටුප් ගෙවන එක ජනතා මුදලින් වැටුප් ගෙවන එක සම්පූර්ණයෙන්ම විශාල වංචාවක්. මොකද වගකීමක් නැතිව වැටුප් ගෙවන එක වැරදියි. හෟද සාක්ෂිය තියෙන මාලිමා මන්ත්‍රිවරුන් සුදානමින් සිටින්නේ මෙම විශ්වාස භංගයට පක්ෂව චන්දය ලබා දෙන්න ඒ නිසා ඔවුන් උත්සහා කරන්නේ මෙම විශ්වාස භංගය නොපවත්වා සිටින්න. එසේ සිදුවුවහොත් මාලිමා ආණ්ඩුව තුල රොකට්ටුවට වඩා විශාල බේදිමක් ඇති වන නිසා. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව පැලවත්තේ ලොකු අයියා ,ටිල්වින් සිල්වා මහත්තයා උපදෙස් දිලා තියෙන්නේ මෙම විශ්වාස භංගය විවාදයට නොගන්නා ලෙසය
ජනාධිපතිතුමාට මාලිමා රජයට සදාචාරාත්මක වගකීමක් තියෙනවා මොකද ඔවුන් බලයට ආවේ මේ පාස්කුවේ මහමොලකරු ඇතුළු සියලු දෙනාට තරා තිරම නොබලා දඬුවම් කරනවායි කියලා . දැන් කාදිනල් හිමිපාණන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා මාසයක් ගියා. සිරිල් ගාමිණී පියතුමා හරහා කාදිනල් තුමා මේ අරුණ ජයසේකර මහත්තයව මේ තනතුරුවලින් ඉවත් කරන්න කිසිම වගකීමක් දෙන්න එපා කියලා කාරණය කියලා මාසයක් ගියා. හැබැයි ජනාධිපතිතුමාවත් රජයවත් මේ වනතෙක් අරුණ ජයසේකර මහතා සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම් නෑ.
අරුණ ජයසේකර මහත්තයා මේ තනතුරෙන් අයින් කරලා මේ පාස්කු විමර්ශනයට සාධාරණයක් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මේ ආණ්ඩුව ගත්තම මේ ආණ්ඩුව ආපු දවසේ සිට කලේ හැමෝම රවට්ටන එක වැඩිහිටි දීමනාව වැඩි කරලා දෙනවයි කියලා මේ රටේ වැඩිහිටි පිරිස රැවට්ටුවා, පඩි වැඩි කර දෙනවයි කියලා මෙරටේ රාජ්‍ය සේවක රැවට්ටුවා, ලක්ෂ 12 කාර් දෙන්නම් කියලා මේ රටේ තරුණ තරුණියෝ රැවැට්ටුවා පාසල් උපකරණ වල මිල අඩු කරනවයි කියල මේ රටේ පොඩි ළමයි ටික රැවැටුටවා, පාසල් ළමයින්ව රැවැට්ටුවා, දූපතක් දෙනවායි කියලා ඊළවුන්ව රැවැට්ටුවා, ඊළඟට සත්ව රෝහලක් දෙන්නම් කියලා මේ රටේ අලි ටික රැවට්ටුවා. මේවනවිට අලුත්ම රැවටිල්ල තමයි කාදිනල් හිමිපාණන් රැවට්ට විම. අකමැත්තෙන් වුවත් අපිට කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික ප්‍රජාව දැන් මේ ආණ්ඩුව රවටලා ඉවරයි කියලා අපිට කියන්න සිද්ධ වෙනවා.
ගරු කාදිනල් මැල්කම් හිමිපාණන්ට ඉතාමත් ගෞරවයෙන් අපි මතක් කරනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වයක් අපිට මේ ආණ්ඩුව තුළින් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ ආණ්ඩුවේ තමයි මේ පාස්කු ප්‍රහාරයට අදාළ මුදල් වියදම් කරපු ඒබ්‍රහම් ඉන්නේ. ඔහු මාලිමා ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්. මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන හෝටල් දෙකක මරාගෙන මැරුණේ ඊබ්‍රහම්ගේ දරුවෝ දෙන්නා. ඔවුන් පැළවත්ව මූලස්ථානයට සම්බන්ධයි . පාස්කු ප්‍රහාර ගැන තොරතුරු ලබා දිලා තියෙද්දි ඒ ගැන ක්‍රියාත්මක නොවුන රවී සෙනවිරත්න ශානි අබේසේකර පැලවත්ත මූලස්ථානයට සම්බන්ධයි.
පාස්කු ප්‍රහාරය වෙන වෙලාවේ නැගෙනහිර ආඥාපති විදියට හිටපු අරුණ ජයසේකර පැලවත්වට සම්බන්ධයි. ඒක හින්දා ගරු මැල්කම් රන්ජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරයේ විමර්ශනය ආරම්භ කළ යුත්තේ වෙන කොහෙන්වත් නෙමෙයි පැලවත්ත මූලස්ථානයෙන් කියන එක අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා.”



ප්‍රතිචාරයක් ලබාදෙන්න