ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි.. නව පොලිස්පති පත්කිරීම ගැනත් තීරණයක්.!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වීමට නියමිතව තිබේ.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.30ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

මෙහිදී නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් පහ කිරීමත් සමග පොලිස්පති ධුරය පුරප්පාඩු වී ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ නමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අද රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් රේණුකා ඒකනායක මහත්මිය ඉල්ලා අස්වී තිබේ.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වන රේණුකා ඒකනායක මහත්මිය මීට පෙර අමාත්‍යංශ ලේකම්වරියක් ලෙස ද කටයුතු කරනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *