විපක්ෂය විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය බෙදී වෙන්වන බව පවසමින් ඉකුත් කාලසීමාව පුරා විවිධ ව්‍යාජ ප්‍රචාර දියත් කරමින් සිටින පසුබිමක, ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සම්බන්ධයෙන් විවිධ පුවත් නිර්මාණය කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතර විරසකයක් ඇති වී තිබෙන බවට සමාජය තුළ මතයක් නිර්මාණය කිරීමට දැඩි උත්සාහයක නිරත වී සිටි.
එහෙත් ආණ්ඩුව තුළ එබඳු කිසිඳු බෙදීමක් නොමැති බවට සනාථ කෙරෙන එක්තරා ඡායාරූපයක් අද නිකුත් වී තිබිණි. එම ඡායාරූපයෙන් පැවසෙන කතාවෙන් විපක්ෂයේ එම බලාපොරොත්තුව ද සුනුවිසුනු වී යන්නේ ජනතාව අතර ඔවුන් තවදුරටත් විහිළුකාරයන් බවට පත්කරමිනි.
එම ඡායාරූපයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍යවරිය, ජනාධිපතිවරයා සහ අමාත්‍යවරුන් පිරිසක් එක්ව දුරකථනය නරඹමින් සුහද සංවාදයක නිරතවී සිටින අයුරුය.
ඡායාරූපය පහලින්..




ප්‍රතිචාරයක් ලබාදෙන්න