වනාතමුල්ල ආශ්‍රිතව දිගින් දිගටම මෑතකදී වෙඩි තැබීම් සහ විවිධ අපරාධ සිදුවීමත් මත්ද්‍රව්‍ය ජාවාරම විශාල ලෙස මෙම ප්‍රදේශය ආශ්‍රිත ව්‍යාප්ත වී තිබීමත් හේතුවෙන් පොලිස් ස්ථානයක් වනාතමුල්ලේ ස්ථාපිත කිරීමට මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ.
එම පොලිස් ස්ථානය සඳහා වනාතමුල්ලේ අධික ජනඝනත්වයක් ඇති සහස්පුර ඇතුළු තට්ටු නිවාස සංකීර්ණ රැසක් පිහිටි භූමියට ආසන්නයේම ඇති ගොඩනැගිල්ලක් මේ වන විටත් තෝරා ගෙන අවසන්.
වනාතමුල්ල පොලිස් ස්ථානය ලෙස එම පොලිසිය ළඟදීම විවෘත කෙරෙනු ඇතැයිද පොලිස් මූලස්ථාන තොරතුරු වාර්තා කරයි.
ඊට අමතරව වනාතමුල්ලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක්ද ස්ථාපිත කිරීමට මේ වන විට තීරණය කර තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න