‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1,087ක් අත්අඩංගුවට.

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,087 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 583ක්, හෙරොයින් ග්‍රෑම් 416ක් සහ කුෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *