වසරේ මුල් මාස දහය තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 6 ඉක්මවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත.

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 20.1%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම වසරේ මුල් මාස නමය තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවය.

ඒ අනුව, 2025 මුල් මාස නමය තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වන අතර එය 2024 මුල් මාස නමය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 5.3%ක වැඩිවීමකි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *