අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය කෙරෙන බස් රථවලින් සියයට අනූපහක්ම ඩීසල් සමග භූමිතෙල් කවලම් කරමින් ධාවනය කෙරෙන බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය සඳහන් කරනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින බස් රථවලට ඩීසල් සමග භූමිතෙල් කවලම් කරමින් ධාවනය කෙරෙන බවට අවස්ථා රැසකදීම චෝදනා එල්ල වී තිබෙනවා. මගීන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා.
ඒ අනුව මේ පිළිබද සොයා බලන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ බස් රථ පරීක්ෂා කිරිමේ සේවාවක් ක්‍රියාත්මක කෙරුණා.
බස් රථ නැවතුම්පළවලට ගොස් පරීක්ෂා කිරිම සිදු වුණා.
ඇතැම් රියදුරන් මෙම නීති විරෝධි ක්‍රියාවේ නිරත වන බව ඔවුන්ම පිළිගත්තා.
පළාත්, අන්තර් පළාත්, සිසු සැරිය, පාසල් සිසුන් ප්‍රවාහන සේවා, ඇගලුම් ප්‍රවාහන සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදවා ඇති බස් රථවලින් 95%ක්ම ඩීසල් සමගම භූමිතෙල් කවලම් කර යොදන බවට ඒ අනුව තහවුරු වුණා.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටනක් ආරම්භ කෙරුණා.
දරුවන් ප්‍රවාහනයට නුසුදසු වාහන ධවනයෙන් ඉවත් කිරීමට ද මෙහිදී පියවර ගත්තා.
වැලිවේරිය, පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ගම්පහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරීන්ගේ මූළිකත්වයෙනුයි මෙය සිදු කර තිබෙන්නේ. දැඩි වර්ෂාවක් පැවතියද නිලධාරීන් මහත් උනන්දුවකින් බස් රථ පරීක්ෂාවට එක්වුණා.



ප්‍රතිචාරයක් ලබාදෙන්න