මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ අත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළකළේ කොළඹ පැවති සමුළුවකදිය.සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම්කරමින් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් ප්‍රචාරණයක් ලබාදීම ඇතුළු කරුණු අරමුණු කරගත් ෆින්ටෙක් 2025 සමුළුව අද පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,”මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ ලබාදෙන පියවරක්. එම පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව, දෙවැනුව වාණිජ බැංකු, පාරිභෝගිකයින් ඒ කියන්නේ ජනතාව අයත්වනවා. මූල්‍ය සේවා හෝ අවම වශයෙන් ගෙවීම් ක්‍රමවේදයන් ඩිජිටල්කරණය තුළින් මුදල් මුද්‍රණය සඳහා පිරිවැය අඩුවී මුදල් ඉතිරියක්ද සිදුවනවා. එහිදී මහ බැංකුවට එම ප්රතිලාභ ඉදිරි තලයට ලබාදිය හැකිවේවි. වාණිජ බැංකු මගින් ඩිජිටල්කරණය සඳහා සිදුකරන ආයෝජන ඉහළ ප්රතිලාභ හිමිකර දෙන බව කිව යුතුයි. මුදල් හුවමාරු සහ මුදල් පරිපාලනය ඉන් පහසුවනවා වගේම පිරිවැය අඩුකරනවා. මම හිතන විදිහට එයින් වැඩිම ප්‍රතිලාභයක් හිමිවන්නේ පාරිභෝගිකයින්ට. බැංකුවට නොගොස් ගනුදෙනු කරන්න එමගින් ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඩිජිටල්කරණය නිසි ලෙස යොදාගන්නා ජනතාවට තමයි මෙහිදී වැඩිම ප්‍රතිලාභය හිමිවන්නේ”
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න