අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.අමෙරිකා වේලාවෙන් ඊයේ (23) පස්වරුවේ මෙම හමුව සිදුව ඇත.මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී.මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන මහත්වරුද එක්ව සිටියහ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී විම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අමෙරිකාවට ළඟා විය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවය.
අලුත්ම පුවත්
-
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.
-
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්.
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.
-
ඩෙංගු රෝගීන් ගණන 50,459ක් – මරණ 30ක්.
-
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් දෙනවා – ඇමති වසන්ත .
-
රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි.
-
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි.
-
හෙට සිට දින තුනක් වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි දන්වයි.
-
ජපානයට රික්ටර් මාපක 5.8ක භූචලනයක් .



ප්‍රතිචාරයක් ලබාදෙන්න