ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවිකළ අඹුසැමි යුවළක් නාවලපිටිය පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.මෙම අඹුසැමි යුවළ ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ගම්පොළ, නාවලපිටිය ප්‍රදේශවල යතුරු පැදියකින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිල නිවස අසළ ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබා සිට ඇති බව සඳහන්.සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52ක් (ග්‍රෑම් 35ක්) සොයාගෙන ඇති අතර, එම පැකට්වලින් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල සඟවා තිබී සොයාගෙන ඇත.සැකකාර අඹුසැමි යුවළ ගම්පොළ කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 හා 27 වයස්වල පසුවන්නන්ය.ඔවුන් ‘ඩුබායි තාරු’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට මෙම බෙදාහැරීම් සිදුකර ඇති බව සඳහන්.අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට


ප්‍රතිචාරයක් ලබාදෙන්න