ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ ගැලපුම් සමුළුවට (Sri Lanka Economic and Trade Matchmaking Conference) සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ලංකාව වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙනවා.පසුගියදා චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ (Sichuan Province) චන්ග්ඩු (Chengdu) නගරයේ පැවති ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලය (CCPIT) විසින් සිදුකළ ආරාධනයකට අනුව ශ්‍රි ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිව්දින සංචාරයකට සහභාගී වුණා.CCPIT සමුළුවෙන් පසුව දකුණු ආසියාව සහ අග්නිදිග ආසියානු ව්‍යාපාර සංවර්ධන සහයෝගීතා සමුළුවට (South Asia & Southeast Asia Business Development Cooperation Conference) සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යාවරයා මූලික වශයෙන් අදහස් දැක්වීමක් එහි දී සිදු කළා.මෙම සංචාරයේ දෙවැනි දිනයේදී සිචුවාන් ප්‍රාන්තයේ නන්චොං (Nanchong) නාගරික රජය සමඟ සැසියක් පැවති අතර එහිදී සමාරම්භක කථාව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරණු ලැබුවා.මෙම සංචාරය තුළදී නිෂ්පාදන පහසුකම් (Manufacturing Facility) සහ කෘෂිකාර්මික තාක්ෂණික උද්‍යානයක් (Agricultural Technology Park) ඇතුළු නිරීක්ෂණ චාරිකා දෙකකට නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වූ අතර හෙතෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා අලෙවියට උපකාර වන වෙළඳ වේදිකාවක් ද නිරීක්ෂණයට ලක්කෙරුණා.මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතන, චීනයේ අදාළ ප්‍රාන්තයේ නිෂ්පාදන ආයතන සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සහ ශ්‍රී ලංකා භාණ්ඩ එම ප්‍රාන්තයට අපනයනය කිරීමට සුදුසු ක්‍රමවේදයන් සොයා බැලීමයි.එසේම ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලය සහ කර්මාන්ත අමාත්‍යාංශය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ද මෙහි අරමුණ වුණා.තවද මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ පළාත් දෙකේ ආණ්ඩුකාරවරුන් හමු වූ අතර, එම නගර, රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසය සහ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණා.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ වෙළඳ මණ්ඩල සම්මේලනයේ (Federation of Chambers) සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සමුළුවට සහභාගී වූ අතර මෙම සම්පූර්ණ සංචාරය පහසුකම් ලබා දුන්නේ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ වෙළඳ අධ්‍යක්ෂ නාලිකා ජයකෝඩි මහත්මිය යන අයයි. (Trade Minister to Sri Lanka in China)
නියෝජ්‍ය ඇමති වරයෙක් හදිස්සියෙම චීනයට.
Spread the news
අලුත්ම පුවත්
-
ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමෙන් පසු ‘Artemis II’ගගනගාමීන් පෘථිවියට.
-
හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි.
-
සීමාවාසික වෛද්‍ය පත්කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් ගැන තීරණය මැයි 08.
-
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් පුද්ගලයින් 763ක් අත්අඩංගුවට.
-
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි.
-
මෙරට උද්ධමනය සියයට 5.2ක් දක්වා ඉහළ යා හැකියි – ආසියානු සංවර්ධන බැංකුව.
-
බලය අනිසි ලෙස භාවිතයට අවසර දිය නොහැකියි – චීනය ආරක්ෂක මණ්ඩලයේ දී අවධාරණය කරයි.
-
ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට.
-
ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කරයි.
-
අද දුම්රිය භාවිත නොකරන්නැයි ඉරාන වැසියන්ට අනතුරු ඇඟවීමක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න