මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට (සැප්තැම්බර් 17) නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය (Kadawatha Interchange Hub) සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන් කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවන ලැබුවා.ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් (Exim Bank) ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබෙනවා.මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඔස්සේ කඩවත සහ මීරිගම අතර දුර කිලෝමීටර් 37ක්.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න