අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හංදිය ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.තලාව මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේදී අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් අද (25) අලුයම මුහුණ මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.අනතුරෙන් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු සහ ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුළත් කෙරුණි.එහිදි වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් අනෙක් පුද්ගලයින් තිදෙනාගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කරයි.වෑන් රථය පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් වෑන් රථයක් වන අතර එය ජා ඇළ ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා ගමන්ගත් ගත් එකක් බව තලාව පොලීසිය සඳහන් කළේය.මිය ගිය පුද්ගලයින් අතර වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලීසිය පවසයි.පොලීසිය සඳහන් කළේ, අනතුරට හේතුව වෑන් රථයේ රියදුරුට නින්ද යාම බවය.අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අලුත්ම පුවත්
-
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට.
-
නීති කැඩූ යතුරුපැදි 30ක් ටිපර් රථ 20ක් පොලිස් භාරයට.
-
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට.
-
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.
-
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට.
-
හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමිවූවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්.
-
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.
-
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්.
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න