යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – තරුණයෙකුට දිවි අහිමි වෙයි.

බුලත්සිංහල – පාර්තල්විල ප්‍රදේශයේ සිදුවු අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබුවා.

බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

අනතුරෙන් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනෙක් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා බරපතළ තුවාල ලැබුවා.

ඔහුගේ පාදයට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතුවයි.

බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *