කොළඹ ලෝටස් හරස් පිවිසුම් සහ අවට ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.ලෝටස් වටරවුම ආශ්රිත ප්‍රදේශය විශේෂයෙන්ම කාර්යබහුල වේලාවන් හිදී අධික රථවාහන තදබදයක් ඇති වන ස්ථානයක් බවට පත්වී ඇත.කොළඹ වරාය නගරය සහ වරාය පිවිසුම් ගුවන් මාර්ගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක තත්ත්වයට පත් වීමත්, කොළඹ නගරය තුළ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන සංවර්ධන කටයුතු නිම කිරීමත් සමඟ මෙම ගැටලුව තවදුරටත් උග්‍ර විය හැකි බවට හඳුනාගෙන ඇත.එම කරුණු සැලකිල්ලට ගනිමින්, වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ බෑවුම් සහ සමුද්‍රාසන්න මාර්ගයේ දීර්ඝ කිරීම් ද ඇතුළුව, යා කෙරෙන ප්‍රධාන කොරිඩෝ සමඟ සබඳතාව වැඩිදියුණු කිරීම සහ ලෝටස් වටරවුම ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා තිරසර විසඳුම් සැකසීම පිණිස සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ශක්‍යතා අධ්‍යයනයක්.
Spread the news
අලුත්ම පුවත්
-
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්.
-
කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට.
-
මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු.
-
හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගත වෙයි – පෙන්ටගනය.
-
අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්..
-
‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි .
-
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්.
-
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්.
-
සුමාත්‍රා දූපත් ආසන්නයේ 5.8ක ප්‍රබල භූකම්පනයක්.
-
ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න