පුරාවස්තු සොයා කැණීම් කළ තරුණියක් අත්අඩංගුවට.

ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක් වන ගැමුණුපුර, ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.කෙසේවෙතත් එම ස්ථානයේ සිටි තවත් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔහුට අයත් බවට සැකකරන යතුරුපැදියක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *