දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු.!

දෝෂාභියෝගයෙන් ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධිකරණය මගහැරීමේ චෝදනාව මත මෙම වරෙන්තු නිකුත් කර ඇති බවය.

රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධුරය අහිමි විය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 6 වන දිනට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝල් අධිකරණය නියෝග කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *