හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් කඩාවැටී ඇති මොහොතක යළිත් ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමේ අරමුණින් මෙවැනි ප්‍රකාශ සිදුකරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් පැන නැගී නොමැති බවත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න