නල ජලය ගැන අනිසි බියක් එපා.! – ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්

ජල පිරිපහදුව සඳහා භාවිත කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මකභාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

එහි සඳහන් කර ඇත්තේ, ජල පවිත්‍රීකරණයට අවශ්‍ය කරන පිළිස්සු හුණු ටොන් 1500ක් මිල දී ගැනීම සඳහා විවෘත ලංසු කැඳවූ බව ත් ටෙන්ඩර් පත් සමග ලබා දුන් සාම්පල පරීක්ෂාවට ලක් කර ඉන් සමත්වූ සම්පූර්ණ සුදුසුකම් ලත් හා අවම ලංසුව ලබා දුන් ලංසුකරුවෙකු වෙත අදාල ටෙන්ඩරය ප්‍රධානය කළ බවත් ය.

ඒ අනුව, එහි පළමුව හුනු ටොන් 380ක් කොන්ත්‍රාත්කරු විසින් මෙරටට ගෙන්වා මණ්ඩලයේ ගබඩා වෙත භාරදුන් අතර එම තොගයෙන් අහඹු සාම්පල් රැගෙන පරීක්ෂා කිරීමේදි එම හුණුවල ඇති ක්‍රෝමියම් ප්‍රමාණය නියමිත ප්‍රමාණය ඉක්මවා ඇති බව සොයා ගත් බව නිවේදනයේ සඳහන් කර ඇත.

එහිදී, මෙම තොගය භාවිතයට සුදුසු නොවන බැවින් මණ්ඩලයේ තොගවලට නොගෙන වෙන ම ගබඩා කළ බවත් මෙම තොගය කිසිදු පවිත්‍රීකරණ ක්‍රියාවලියක් සඳහා යොදා නොගත් බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

මිනිස් සෞඛ්‍යයට අහිතකර කිසිදු ද්‍රව්‍යයක් ජල පිරිපහදුකරණයට භාවිත නොකරන අතර මේ සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *