පසුගිය මහ මැතිවරණයේදී තම ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයන් 1,000කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව, අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් දින 21ක් ඇතුළත තම ආදායම් හා වියදම් විස්තර මැතිවරණ නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.
කෙසේවෙතත්, එලෙස ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් 1,042 දෙනෙකු, පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු මැතිවරණ කොමිසම හඳුනාගෙන තිබේ.
ඒ අනුව අදාළ පොලිස් කොට්ඨාසවල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශවල සහාය ඇතිව නීති අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න