විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.!

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) මීට සුළු මොහොතකට පෙර පර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

අදාළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *