බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කරන ලද්දේ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවකට උන්වහන්සේ වරදකරු කරමිනි.
මීට අමතරව රුපියල් 1500ක දඩ මුදලක්ද නියම කර තිබේ.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න