ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීමට අගමැතිනිය පෙරමුණ ගනී.! මාස 3න් විසඳුම්.!

ආදීවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ට ද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට පවසා තිබේ.

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් (22) පාර්ලිමේන්තු⁣ සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

වැදි ජනතාවගේ ⁣ඓතිහාසික වටිනාකම පිලිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිලිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු පිලිබදවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටළු වලට නිසි විසඳුමක් නොලැබුණු බවද පෙන්වා දුන්නේය.

Spread the news

Comments

One response to “ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීමට අගමැතිනිය පෙරමුණ ගනී.! මාස 3න් විසඳුම්.!”

  1. 1.පූජාබූම් ආසන්නයේ පවත්වාගෙන යනුලබන මැර කන්ඩායම් විසින් වාහන රතගාල් නිසා අසීමිත ලෙස මහජනතාව අපහසුතාවට සහපීඩාවට පත්ව
    සිටින්නෙමු..කතරගම,විසේසයි .2.මේ අස්වැසුම,හිස්වැස්ම සමහර ග්‍රාමසේවකලාගේ හිතවතුන්ට රැකියාවන් කරන දරැවන් බලන අයටත් දීලා…3..රජයේන් මොනව අඩු කලත් බඩු මිල අඩු නොකරන කලු කඩ හිමියන්ටත් මොනව හරි කරන්න ..ස්තුතියි.ජයවෙවා මාලිමාවට …

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *