මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළ ආකාරයට පසුගිය ජනවාරි 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට 21කින් අඩුකිරීම බලාත්මක කර ඇතැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
විපක්ෂයේ මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“විදුලි බිල ජනවාරි 17 රාත්‍රී 12 සිට අඩු කොට තිබෙනවා. ඊළඟ විදුලි බිල්පත සමග හැමෝටම එහි ප්‍රතිඵලය ලැබෙයි. එහිදී ඒකක බිංදුවයි තිහ දක්වා රුපියල් 04ක් ලෙසද, තිස් එක සිට හැට දක්වා රුපියල් 06ක් ලෙස ද, හැටඑකේ සිට අනූව දක්වා රුපියල් 14ක් වශයෙන් ද, අනූඑකේ සිට එකසිය විස්ස දක්වා රුපියල් 20 දක්වා ද අඩු වෙනවා. එකසිය විසි එකේ එකේ සිට එකසිය අසූව දක්වා රුපියල් 33 දක්වා අඩු වෙනවා. ඒකක 180ට වැඩි ඒකක සඳහා රුපියල් 52 ට අඩු වෙනවා. සාමාන්‍යයෙන් විදුලි බිල අඩුවීම සියයට 21ක් වුණාට මෙම අඩුවීම හෝටල් සහ කර්මාන්ත සඳහා සියයට 30 කින් 31කින් අඩු අඩු වෙනවා. මෙය පසුගිය 17දා රාත්‍රී සිට ක්‍රියාත්මකයි.”.
ප්‍රතිචාරයක් ලබාදෙන්න