ජාතික ජන බලවේගය නව රජයේ අදූෂිත බව සම්බන්ධයෙන් දූෂණයෙන් තොර ප්‍රසම්පාදන ක්‍රියාවලි මගින් ආයෝජකයන්ට හොඳ සංඥාවක් ලැබී ඇතැයි එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය සදහන් කරයි.
එක්සත් ජනපදය තුළ සිටින බොහෝ ආයෝජකයන් දැනට වෙනත් රටවල ඇති ඔවුන්ගේ කර්මාන්ත දකුණු ආසියාවට රැගෙන ඒමේ ප්‍රවණතාවයක් පවතින බවත් ඉන් පංගුවක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි බවත් ඒ වෙනුවෙන් තමා සහයෝගය ලබාදෙන බවත් තානාපතිනිය සදහන් කරයි.
ලංකාවේ ඛනිජ වැලි, ග්‍රැනයිට් වැනි ක්ෂේත්‍රවලට ආයෝජන කිරීමට එක්සත් ජනපද ආයෝජකයන්ට ආරාධනා කරන බවත් රජය කර්මාන්තකරුවන් මුහුණ දෙන නිෂ්පාදන පිරිවැය හා බදු සම්බන්ධ ගැටලු අවම කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙරට අමෙරිකානු තානාපතිනියට සදහන් කර ඇත.
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සමග එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව සදහන් කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න