සජබ – එජාප දීගයට කපුකම රාජිතගෙන්.!

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වගකීම හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇති බව සඳහන්ය.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂ දෙක ඒකාබද්ධව තරග කළ යුතු බවට බොහෝ පාර්ශ්ව කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව රාජිත සේනාරත්න මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් වාර්තා වේ.

පසුගිය මැතිවරණවලදී ප්‍රධාන දේශපාලන පක්ෂවල පසුබෑම හමුවේ එළැඹෙන මැතිවරණයේදී ‘අලියා’ ලකුණෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරගවැදිය යුතු බවට හිටපු මන්ත්‍රීවරුන් පවසා ඇති බව ද සඳහන්ය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එකතු වුවද එහි නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බව හිටපු මන්ත්‍රීවරුන් රැසක් පවසා ඇති බවද සඳහන්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *