සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් එලෙස දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ, දැනටමත් නේපාලයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහාය වීම සඳහා බව වාර්තා වෙයි.
ඔවුන් අද සවස දිවයිනට පැමිණීමට නියමිතය.
නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටිය දී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගනු ලැබීය.
ඉෂාරා සෙව්වන්දි සමග තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ඔවුන් අතර දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ සමීපතමයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න