බීබීසීයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි.

බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස්වී තිබේ.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යැවූ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා මත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව බීබීසී මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඩෙබොරා ටර්නස් ද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

බීබීසී ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ටිම් ඩේවි ප්‍රකාශ කර ඇත්තේ වසර පහකට පසු රැකියාවෙන් ඉවත් වීමට ගත් තීරණය සිය පෞද්ගලික තීරණයක් බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *