ග්‍රීන්ලන්තය රකින යුරෝපා රටවලට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්.

ග්‍රීන්ලන්තය පාලනය කිරීමට තමා කරන ඉල්ලීමට විරුද්ධ වන යුරෝපා රටවලට සියයට සියයක තීරුබද්දක් පැනවීමේ තීරණය ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පෙබරවාරි මස පළමුවන දින සිට අදාළ බදු පැනවීම සිදුකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර ඇත.

අමෙරිකාව ග්‍රීන්ලන්තයේ පාලනය ලබා ගැනීමට එරෙහිව බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් 7ක් මේ වන විට විරෝධය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ග්‍රීන්ලන්තයේ අනාගතය එරට වැසියන් සහ ඩේන්වරුන් පමණක් තීරණය කළ යුතු බව එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඩෙන්මාර්ක විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ග්‍රීන්ලන්තයේ සෛවරීභාවයට අමෙරිකානු ජනාධිපතිවරයාට බලපෑම් කළ නොහැකි බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *