එළඹෙන පෙබරවාරි මස (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.
ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුවකට එළැඹෙන තාක් මෙම තීරු බද්ද ක්‍රියාත්මක වන බව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ඒ අනුව එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම හෝ ඕනෑම භාණ්ඩයක් සඳහා 10%ක නව තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල්වලින් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් සඳහා මෙම 10%ක තීරු බද්ද පැනවෙනු



ප්‍රතිචාරයක් ලබාදෙන්න