චීනය සමග ඇති කර ගත් ටික්ටොක් ගිවිසුමේ ප්‍රගතියක් ඇති බව ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්ග් පින් අතර ටික්ටොක් ගණුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය සමග ඇති කර ගත් ටික්ටොක් ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡාවක් දකුණු කොරියාවේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.ලබන මස 31 වන දින දකුණු කොරියාවේ ග්යොංජු හි දී ආරම්භ වන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සංසදයට සමගාමීව සාකච්ඡා සිදුකිරීමට දෙරටේ නායකයින් සූදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.දෙරට අතර වෙළෙඳාම රුසියාව සහ යුක්‍රේනය අතර යුද්දය අවසන් කිරීමේ අවශ්‍යතාව හා ටික්ටොක් ගණුදෙනුව අනුමත කිරීම ඇතුලු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *