නාමල්ගේ නීති උපාධිය වංචාවක්… ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්න එනවා.. – තුෂාර ජයරත්න

විදේශගතව සිටින තුෂාර ජයරත්න මහතා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටියේ වංචා සහගත ලෙස බවයි.

අදාළ පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට අදාළ තොරතුරු ලබා දුන්නේ තමන් බවත් එම තොරතුරු සියල්ල සත්‍ය බවත් ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් තමන් පසුගිය ආණ්ඩු වලදී ද පැමිණිලි කර ඇතත් ඒවා සැලකිල්ලට ලක් නොවූ බවද හෙතෙම කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *