සීනිගමදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.

හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමඟ සීනිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් පෙරේදා දිනයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදෙනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල, අහංගම, තෙල්වත්ත, වතුගෙදර සහ සීනිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිට ඇති බව සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ අතර පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 30,954 දෙනෙකු පරීක්ෂාවට ලක් කර සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26 දෙනෙකුත්, වරෙන්තුකරුවන් 263කුත්, විවෘත වරෙන්තුකරුවන් 118 දෙනෙකුත් සහ බීමත් රියදුරන් 15 දෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *