මාලදිවයිනේදී කොටු වූ මත්ද්‍රව්‍ය යාත්‍රාව ගැන විමර්ශනයට මෙරට කණ්ඩායමක් පිටවයයි.

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශවල විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාවට අයත් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව මාලදිවයින් ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු සිය භාරයට ගෙන තිබුණි.

අදාළ යාත්‍රාව මේ වන විට මාලදිවයින වෙත රැගෙන එමින් ඇති බව සඳහන් වේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවරයින් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් මේ වන විටත් මාලදිවයින වෙත පිටත්ව ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *