පාර්ලිමේන්තු වෙබ් අඩවියට ව්‍යජ තොරතුරු දැම්මේ සිතාමතාම දැයි සැකයක්… අධිකරණ ඇමැතිගෙන් CIDයට පැමිණිල්ලක්…

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බව අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ “ආචාර්ය හර්ෂණ නානායක්කාර” යනුවෙන් පළ කර තිබී පසුව අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමත් සමග පසුගිය දා මහත් ආන්දෝලනයක් හට ගත්තේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ආචාර්ය කියලා සඳහන් කරලා නෑ. විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය නිවැරදි කරලා තිබුණා. ආචාර්ය පදවියක් තිබුණේ නෑ. කොහෙන්ද මේක එන්නේ. සියල්ල සමස්තයක් ලෙස අරන් බලද්දි ඕනෑම කෙනෙකුට සැකයක් මතුවෙනවා මාව අපකීර්තියට පත්කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳදැමීමට ව්‍යාජ දත්ත ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක් මතුවෙනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *