නාමල්ගේ නීති උපාධියට එරෙහිව CIDයට පැමිණිල්ලක්..(වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් වංචනිකව නීතිවේදී විභාගයට පෙණී සිට නීතිවේදී උපාධිය ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර අද (16) පෙරවරුවේ පැමිණිල්ලක් සිදුකරන සිදුකර ඇත.

නීතිවේදී විභාගය සඳහා පෙනී සිටි මේ වනවිට විදේශගතව සිටිනා තරුණයෙකු විසින් එවකට නාමල් රාජපක්ෂ මහතා මෙලෙස වායුසමනය කළ තනි කාමරයක අසුන් ගෙන, විභාගයට පෙනී සිටීම සම්බන්ධව රටේ සියළුම වග කිවයුතු අංශ වෙත පැමිණිලි කර ඇතත් ඒ සෑම ස්ථානයකින්ම අදාල පැමිණිල්ල හෝ සටහන් කර නොගෙන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි ඔහු පවසන්නේ.

කමන්ත තුෂාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ එම විභාග වංචාව සම්බන්ධයෙන් අදාල තරුණයා විසින් එදින සේවයේ නියතුව සිටි ශාලාධිපති, නීති විද්‍යාලයේ විදුහල්පති සහ රෙජිස්ටාර් ඇතුලු වගකිවයුතු නිලධාරීන් වෙත පැමිණිලි සිදුකර ඇතත් ඒ කිසිවෙකු පැමිණිල්ල හෝ භාරගෙන නොමැති බවයි.

පසුව අධිකරණ අමාත්‍යංශයේ එවකට ලේකම් සුහද ගම්ලත් මහතා වෙත ගොස් මෙම පැමිණිල්ල සිදුකළද එය සටහන් කරගැනීම පවා ප්‍රතික්ශේප කර ඇති බවත් ඉන්පසු, කෙසෙල්වත්ත පොලීසිය, පොලිස්පති , අල්ලස් කොමිසම ආදී සියලුම අංශ වෙතද පැමිණිල්ල ඉදිරිපත් කර ඇතත් එහිදී අදාළ තරුණයාට තර්ජනය කරමින් ආපසු හරවා එවා ඇති බවත් ඔහු පවසයි.

පසුව අදාල තරුණයා පැහැරගැනීම්වලට පවා ලක්වී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවී ඇති බවත්, මේ වනවිට එම තරුණයා ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙනා පරීක්ෂණ සඳහා ශාක්ෂි ලබාදීමට සූදානමින් සිටිනා බැවින් එම ශාක්ෂි ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරනා ලෙසත් කමන්ත තුෂාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *