නව කථානායක පොළොන්නරුවෙන්..?

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ දසවෙනි පාර්ලිමේන්තුවේ කථානායක ධූරය සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර ඇති බව යි.

පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන එතුමා වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් වසර ගනනාවක් සේවය කළ පුද්ගලයෙකු වෙයි.

මනාප ඡන්ද සංඛාව 51391ක් ලබාගනිමින් ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී තෝරා පත්කරගැනීමට යෝජනා වී ඇති බවත් වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *