ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්..

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හීදී ආරම්භ වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ඔහු රාජ්ගාද් හී පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

අනතුරුව ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් හවුස් හීදී පැවැත්වීමට නියමිත අතර එහිදී අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටද, ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමද සිදුකිරීමට නියමිතය.

එම සාකච්ඡා වලින් අනතුරුව අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපතිරයා අතර හමුව පැවැත්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Spread the news

Comments

One response to “ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්..”

  1. අපේ ආදරණීය ජනාධිපතිතුමාට ජය වේවා! අපේ හිතවත් අසල්වැසි මිත්‍රයාට ජය වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *